ප්‍රසිද්ධ සංගීතඥ ඉලයරාජාගේ දියණිය ලංකාවේදී ජීවිතක්ෂයට..! (VIDEO)

By Sewvandhi Jan 25, 2024 03:37 PM GMT
Report

සංගීත අධ්‍යක්ෂක ඉලෙයරාජාගේ දියණිය සහ පසුබිම් ගායිකා භවතරිණී අද (25) දින  පිළිකාවක් වැළඳීමෙන් මිය ගියාය.

වාර්තා වන අන්දමට ඇය අක්මා පිළිකාවකට ප්‍රතිකාර ගැනීමට ලංකාවට පැමිණ ඇති අතර, ඇය සවස 5 ට පමණ මෙරටදී මියගොස් තිබෙනවා.

ඇයගේ දේහය හෙට (ජනවාරි 26) චෙන්නායි වෙත ගෙන එන අතර එහිදී අවසන් කටයුතු සිදු කෙරේ.මියයන විට භවතරිනී 47 හැවිරිදි වියේ පසුවිය.

ඇය ඉලයරාජාගේ දියණිය වන අතර කාර්තික් රාජා සහ යුවන් ශංකර් රාජාගේ සහෝදරියයි. ඇය 'භාරතී' චිත්‍රපටයේ 'මයිල් පොළ පොන්නු ඔන්නු' දෙමළ ගීතය වෙනුවෙන් හොඳම කාන්තා වාදන ගායිකාවට හිමි ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තාය.

මේ අතර එළඹෙන 27 වැනිදා සහ 28 වනදා සංගීත අධ්‍යක්ෂක ඉලෙයරාජාගේ සජීවී ප්‍රසංග සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර තිබුණා.

ප්‍රසංග පිළිබද කිසිදු තොරතුරක් මේ වන විට නිකුත් කිරීමක් සිදුකර නොමැත.


Sponsored By Sarrita Jewellery

ප්‍රසිද්ධ සංගීතඥ ඉලයරාජාගේ දියණිය ලංකාවේදී ජීවිතක්ෂයට..! (VIDEO) | Musician Ilayaraja S Daughter Dies In Sri Lanka