අන්දමන් මුහුදේ හදිසි කැළඹිල්ලක් - කාලගුණෙන් විශේෂ නිවේදනයක්
දකුණු අන්දමන් මුහුද ආශ්රිතව, උතුරු සුමාත්රා දූපත් ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ අනුව, අදාළ මුහුදු ප්රදේශවල යාත්රා කරන නාවිකයන් සහ ධීවර ප්රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම, ඉදිරි පැය කිහිපය තුළ නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි සහ උපදෙස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ඉල්ලා සිටියි.
අද (29) පෙරවරු 9.30ට නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වේ.
පවතින කාලගුණ පද්ධතියේ වර්ධනය සැලකිල්ලට ගනිමින්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නවතම නිවේදන සහ යාවත්කාලීන තොරතුරු පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස නාවික හා ධීවර ප්රජාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සුළි කුණාටුව ඉන්දියාවට ගියත් පළාත් කිහිපයකට තද වැසි සහ පැයට කි.මී. 40ක තද සුළං - කාලගුණෙන් හදිසි දැනුම්දීමක්