කැලණි ගඟ ද්‍රෝණියේ ගංවතුර පාලනයට ජපානයෙන් රුපියල් බිලියන 4.5ක ප්‍රදාන ආධාරයක්

Report

ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ඉතා වැදගත් කලාපයක් වන කැලණි ගංගා ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයන් අවම කිරීමේ ප්‍රධාන ව්‍යාපෘතියක් සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් බිලියන 2.179ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.54ක) නොමිලේ කෙරෙන ප්‍රදාන ආධාරයක් ලබාදීමට පියවර ගෙන තිබේ.

'කැලණි ගංගා ද්‍රෝණියේ පොම්පාගාර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය'  සඳහා භාවිත කිරීමට නියමිත මෙම අරමුදල් මගින් ජපන් තාක්ෂණය භාවිත කරමින් නවීන වැසි ජල පොම්පාගාරයක් ඉදිකිරීමට නියමිතය.

ලබන වසරේ ජනවාරි 1 සිට - රාජ්‍ය ව්‍යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා නව ප්‍රතිපත්ති රාමුවක්

ලබන වසරේ ජනවාරි 1 සිට - රාජ්‍ය ව්‍යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා නව ප්‍රතිපත්ති රාමුවක්

කොළඹ මෙට්‍රොපොලිටන් ප්‍රදේශය පුරා වැසි ජලය බැහැර කිරීමේ ධාරිතාව ඉහළ නැංවීම, ප්‍රධාන ප්‍රවාහන මාර්ග, ගබඩා සංකීර්ණ සහ වාණිජ ආයතන ඇතුළු තීරණාත්මක ආර්ථික යටිතල පහසුකම් ගංවතුරෙන් ආරක්ෂා කිරීම සහ අනාගත ආපදාවන්ට මුහුණදීමේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ඊශ්‍රායලයම අවිනිශ්චිත තත්ත්වයක - ඡන්දවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ගැන්නත් උත්තරයක් නෑ - අද සවස වෙනකල් මුළු රටම බලාගෙන

ඊශ්‍රායලයම අවිනිශ්චිත තත්ත්වයක - ඡන්දවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ගැන්නත් උත්තරයක් නෑ - අද සවස වෙනකල් මුළු රටම බලාගෙන

ඊට අදාළ ගිවිසුම ඉකුත් ඔක්තෝබර් 28 වන දින කොළඹදී අත්සන් තැබුණු අතර, ජපාන තානාපති අකියෝ ඉසොමාටා  මහතා සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා තම රජයන් නියෝජනය කරමින් ඊට අදාළ ලේඛන හුවමාරු කර ගත්හ.

'දීට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ හානිවලින් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින පසුබිමක, මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සහාය වන බව ජපාන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.