චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල්ට අද ලැබුණු නියෝගය මෙන්න
අයථා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් 'එන්. ආර්. කන්සල්ටන්සි' සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි 11 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බැවින්, නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා, එදිනට විමර්ශනවල ප්රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙස නියෝග කළේය.
2015 ජූලි 28 වන දින දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව ආරම්භ වූ මෙම විමර්ශනයේදී නාමල් රාජපක්ෂ, නිත්යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන අයට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
අද දින නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවට කැඳවීමට නියෝගයක් ලබා දී නොතිබූ අතර, අනෙක් සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.