සාක්ෂි ලබා දීම් අතරතුර මීගමුව බන්ධනාගාර ගැටුම ගැන රැඳවියන්ගෙන් ඇග කිළිපොලා යන හෙළිදරව්වක්
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ දරුණු ගැටුම්කාරී තත්ත්වයට ප්රධාන හේතුව කාමර පාටියේ රැඳවියන් විසින් නිලධාරීන්ට කේළම් කීම බවත්, දෙවන සහ හත්වන වාට්ටුවල රැඳවියන් අතර පැවැති වෛරය මෙන්ම බන්ධනාගාරය තුළ මත්ද්රව්ය භාවිතය පිළිබඳව රැඳවියෙකු කරුණු අනාවරණය කිරීමත් මෙම ආරවුලට මූලික වී ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ ප්රකාශයට පත් කළ විශේෂ විමර්ශන වාර්තාවේ දැක්වෙයි.
ස්ථානීය පරීක්ෂණ වාර්තා සහ රැඳවියන් ඇතුළු රැසකගේ සාක්ෂි විශ්ලේෂණය කරමින් සකස් කළ මෙම වාර්තාවට අනුව, ජූලි මස 05 වනදා දහවල් සිට 06 වනදා දක්වා බන්ධනාගාරයේ අභ්යන්තර පාලනය සම්පූර්ණයෙන්ම රැඳවියන් සතුව පැවතී තිබේ.
පිරිමි රැඳවියන් විසින් බන්ධනාගාර රෝහල සහ විනය අංශය බිඳදමා එහි තිබූ ඖෂධ සහ මත්ද්රව්ය ලබාගෙන, එම ඖෂධ කාන්තා රැඳවියන් දෙසටද විසි කර ඇති අතර, කාන්තා රැඳවියන් ද එම ඖෂධ පානය කරමින් සිහිවිකලෙන් සහ ප්රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත.
මෙම ප්රචණ්ඩකාරී හැසිරීම් අතරතුර රැඳවියන් විසින්ම තවත් රැඳවියන් පිරිසක් ඝාතනය කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ නිලධාරීන්ට ලී පොලු, ගල්, මල් පෝච්චි, උළු කැට, වීදුරු කැබලි, යකඩ පොලු සහ තියුණු ආයුධ මගින් අමානුෂික ලෙස පහරදී නිලධාරීන් කිහිපදෙනෙකු ද ඝාතනය කර තිබේ.
බන්ධනාගාර අධිකාරීවරයා අභ්යන්තරයට ගොස් "වැහියන්, දැන් ඕක නවත්තලා දැන් ඕක ඇති" යනුවෙන් පැවසූ අවස්ථාවේදී "ඔයා කොහොමද එහෙම කියන්නේ? අපිට ඕන වෙලාවටයි අපි වැහෙන්නේ" යනුවෙන් රැඳවියන් කෑගසා ඇති අතර, පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇත.
මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීමේදී ද පහරදීම් සිදුව ඇති බව සාක්ෂිවලින් හෙළි වී තිබේ.
මෙම සිදුවීමේදී රැඳවියන් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මර්දනය කිරීමට සහ ඊට නිසි විසඳුම් ලබාදීමට බන්ධනාගාර පාලන අධිකාරිය සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිෂන් සභාව, නිර්දේශ 8ක් ඉදිරිපත් කර ඇත.
සලකපු විදිහ අන්තිම කැතයි.. ලෝකෙම ආදරේ දිනූ කුමාර් සංගක්කාරට සහ පවුලේ අයට කම්පනයක් - සමාජ මාධ්ය කැළඹෙයි
නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කර අධ්යයනයක් කරන ලෙසත්, ඊට අදාළ වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසත් බන්ධනාගාර බලධාරීන්ට සහ අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයාට එමගින් උපදෙස් දී තිබේ.