මත්පැන් සාදයේදී එක්දරු පියා පිහියකින් ඇන ඝාතනය කර හිසට කොට්ටයක් තැබූ භයානක සිදුවීම..

By Sithumi Jul 13, 2023 12:52 PM GMT
Sithumi

Sithumi

Report


මොරගහහේන තලගල වෙන්දේසි ඉඩමක සේවක පිරිසක් එක්ව ඊයේ රාත්‍රී පැවැත්වූ මත්පැන් සාදයකින් අනතුරුව පිහි ඇනුමකට ලක්වූ පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මාබෝදල ඉද්දවත්ත පදිංචිව සිටි ස්කැවේටර් රියැදුරකු ලෙස සේවය කරන පි නිරෝෂන් චන්දිම නැමැති 39 හැවිරිදි එක් දරු පියෙක් වන අතර ඝාතනය සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදා සෙබළකු ඝාතනයට අත්අඩංගුවට ගෙන තිබෙනවා වසර හතරකට අධික කාලයක් වෙන්දේසි ඉඩමේ ස්කැවේටර් රියදුරකු ලෙස කටයුතු කර තිබූ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වැඩ අවසන් බැවින් ඔහු වෙනුවෙන් අනෙක් සේවකයන් පිරිස මත්පැන් සාදයක් සංවිධානය කර තිබී ඇති අතර මේ සඳහා සහභාගිවීමට ඔහු නිවසේ සිට ඊයේ වෙන්දේසි ඉඩම කරා පැමිණ තිබූ බව පොලිසිය පවසනවා.

රාත්‍රී දහය පමණ වන විට මත්පැන් සාදය නිමවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මැලිසිරිපුර ගම් ප්‍රදේශයේ බලා යාම සඳහා යතුරු පැදිය වෙත නැග සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ ගෙල ප්‍රදේශය මිරිකා බාධා කිරීමේදී ඊට උරණ වී ගමන් බෑගයේ තිබුණු උල් පිහිය රැගෙන ඇන තිබූ බව මේ වන විට අනාවරණය වී ඇති අතර වෙන්දේසි ඉඩමේ කාර්යාලය ට යාබදව මළ සිරුර උඩුබැලි අතට වැටී තිබූ අතර හිසට කොට්ටයක් ද තබා තිබූ බව පොලිසිය පවසනවා.

කොට්ටය තැබූ පුද්ගලයා කවුදැයි කව්දැයි කීමට කවුරුත් ඉදිරිපත් නොවන අතර ඝාතනයට යොදාගත් උල් පිහිය සැකකරුගේ ගමන් බෑගය තුළ තිබී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.