අනියම් පෙමක් නිසා ක්‍රීඩකයෙකු පැහැරගෙන ගොස් මරලා දමයි..හමුදා ලොක්කෙක් මාට්ටු වෙයි.

Police Army Murder Sri Lanka Gossips
By Aruna Sep 30, 2021 07:25 AM GMT
Aruna

Aruna

Report

මට්ටක්කුලියේ එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට ලුතිනන් කර්නල් ගනී මෝදර හමුදා කදවුරේ අණදෙන නිලධාරියාව සිටි ලුතින්න් කර්නල්වරයාව කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් රත්නසිරි නැමැත්තා පැහැරගෙනගොස් ඝාතනයකර මළ සිරුර කැලණි ගඟට විසිකිරීම සම්බන්ධයෙන් කෙරණ විමර්ශනයට අදාලවයි.

මෙම ලුතිනන් කර්නල්වරයා මාසයකට ආසන්න කාලයක් යුද හමුදා පොලිස් භාරයේ රදවා සිට ඇති අතර පොලීසිය ඔහුව දිගින් දිගටම භාරදෙන ලෙස හමුදාවෙන් කළ ඉල්ලීමට අනුව යුද හමුදා පොලීය ඊයේ (29) ඔහුව පොලීසියට භාර දී ඇත.

රාගම බටුවත්තේ පදිංචිව සිටි තිදරු පියකු වූ අකිල සම්පත් නමැත්තා ගේ ඝාතනයට සැක පිට මේ වන විට ලුතිනන් කර්නල්වරයාට අමතරව කපිතාන්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක්ද ඇතුළුව යුද හමුදාවේ 14 දෙනකුද ඝාතනයට ලක්වූ අයගේ බිරියද අත්අඩංගුවට ගෙන ඇත.

මට්ටක්කුළිය සමිට්පුර ග්‍රාම නිලධාරිනිය වන මෙම කාන්තාව හමුදාවේ කෝප්‍රල්වරයෙකු සමඟ ඇතිකරගෙන තිබුණු අනියම් සම්බන්ධයක් මෙම ඝාතනයට මුල්වී ඇති බවත් පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.

අනියම් සම්බන්ධය ගැන සැලවීමෙන් පසු එල්ලේ ක්‍රීඩකයා සිය බිරියට තදින් අවවාදකර පහරදීමක් කර ඇත.

ඇය ඒ බව කෝප්‍රල්වරයාට පවසා ඇත.

සිය අනියම් බිරියට පහර දුන් ඇගේ සැමියාට පාඩමක් ඉගැන්වීම සදහා සිය හමුදා මිතුරන් සමග එක්ව මෙම කෝප්‍රල් පසුගිය අගෝස්තු 16 වෙනිදා මෙම ඝාතනය කර ඇතැයි පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

එල්ලේ ක්‍රීඩකයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී රාත්‍රී කාලයේදී හමුදාවේ කැබ් රථයකින් ඔහුව පැහැරගෙන මාදම්පිටිය සුසාන භූමිය ආසන්නයේ ඇති කසල අංගනයකට රැගෙන ගොස් පහරදී ඝාතනය කර ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.

අනතුරුව වෙනත් හමුදා කැබ් රථයක් එතැනට ගෙන්වාගෙන මළ සිරුර සේදවත්තට රැගෙන ගොස් එතැනින් කැලණිගඟට විසිකර ඇත.

මළ සිරුර දින හතරකට පසු මෝදර කාකදූපත ආසන්නයේ ගොඩගසා ඇත.

එල්ලේ ක්‍රීඩකයාගේ යතුරු පැදිය මෝදර කදවුරට රැගෛන ගොස් කොටස් වලට ගලවා එම කොටස්ද කදවුරට පිටුපසින් කැලණිගඟට විසිකර ඇති අතර කිමිදුම් කරුවන් යොදා කළ මෙහෙයුමකින් පසු එම යතුරු පැදියේ කොටස්ද සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කදවුරේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල් වරයා අත්අඩංගුවට ගනු ලබන්නේ ඊට ඔහුගේ අනුබලයක් තිබී ඇතැයි විමර්ශනවලින් හෙළිවීම නිසා බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

එල්ලේ ක්‍රීඩකයාව පැහැර ගැනීමටත් මළ සිරුර කැලණි ගඟට විසිකිරීමට රැගෙන යාමටත් යොදාගත් හමුදා කැබ් රථ දෙකද පොලිස් භාරයට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now