අනියම් බිරින්දෑවරු දෙදෙනාගේ බහට නීත්‍යානුකූල බිරිඳව මරා ලිඳට දාලා.

Report

මුලතිව්, මුල්ලියාවලෙයි, බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිඳකට පැන සිය දිවි හානි කරගත් බව ඇගේ සැමියා විසින් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒඅනුව පොලිසිය සිදු කළ පරික්ෂණයෙන් එය මිනීමැරුමක් බවට තහවුරු වීමෙන් අනතුරුව ඇයගේ සැමියා ඇතුලු තිදෙනෙකු මුල්ලියාවලෙයි පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගනු ලබුවා.

මාතර කොටවිල බිළිඳු සිරුර DNA පරීක්ෂණයට..

මාතර කොටවිල බිළිඳු සිරුර DNA පරීක්ෂණයට..


මෙහිදි වවුනියාව, ආච්චිපුරම් ගම්මානයේ පදිංචිව සිටි 23 හැවිරිදි එස්. සුදර්ශනී නැමති කාන්තාව මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග විවාහ වී ඇති අතර කළක් ගතවීමේදී ඇගේ සැමියා එම ප්‍රදේශයේම වෙනත් කාන්තාවන් දෙදෙනෙකු සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇත.

ඔහු එම කාන්තාවන්ගේ බහට අවනත වී සිය බිරිඳගේ ගෙළ සිරකොට ඝාතනය කර සිරුර ළිඳට දමා අනතුරුව සිය බිරිඳ ළිඳට වැටුණු බව කියමින් කෑ ගසද්දී අසල පිරිසක් පැමිණ ඇයව ගොඩගෙන මුල්ලියාවලෙයි රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

එහිදී දේහය පිළිබඳව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී කාන්තාව ළිඳට වැටීමට පෙර හුස්ම හිරවීමෙන් ජීවිතක්සයට පත්ව ඇති බවත්, ඒ අනුව, එය ඝාතනයක් බවටත් අධිකරණ වෛද්‍යවරයා විසින් තීන්දු කර ඇත.

ඒ අනුව, සැකපිට ඇයගේ සැමියාව මුල්ලියාවලෙයි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්නකිරීම හමුවේ සැමියා විසින් සිදුවීම පාපොච්චාරණය කර ඇති අතර, සැකපිට අනියම් ඇසුර පවත්වා ගෙන ගියා යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.