හිසේ කැපුම් තුවාල සහිත හදුනා නොගත් තවත් මළසිරුරක් හමුවෙයි.
Police
Accident
Murder
Sri Lanka
Hettipola
By Aruna
හෙට්ටිපොළ කෝන්වැව ප්‍රදේශයේ නිවසක් තුල තිබී හිසේ කැපුම් තුවාල සහිත පුද්ගල මල සිරුරක් හමුවී තිබෙනවා.
මියගොස් ඇත්තේ කෝන්වැව, මඩංපොල පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මෘත ශරීරය මේ වනවිට මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, කුලියාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
අදාළ පුද්ගලයා නිවසේ තනිව සිට ඇති අතර, බිරිඳ ඔහු සමග අමනාප වී ඇයගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදී යි මෙම ඝාතනය සිදුව ඇත්තේ.
ඝාතනයට අදාළ සැකකරුවන් තවමත් හඳුනා ගෙන නොමැති අතර, හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
