මුරලිගේ කොන්ද බුද්ධ ශාසන ඇමතිටවත් නෑ - විමල්ගේ දැඩි ප්‍රකාශය

Report

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්, මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

වසර 22ක් එළිමහන් සිරකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වූ රොබට් නොක්ස්, ඔහුගේ හෙළ දිව කෘතියේ සඳහන් කර ඇත්තේ මෙරට ජනතාවගේ ආගම වන බුදු දහම තර්කානුකූල හා බුද්ධිඝෝචර බවත්, තමා එයට ගරු කරන බවත් යැයි වීරවංශ සඳහන් කළේය.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

එහෙත්, වත්මන් ආණ්ඩුවට සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයාට මේ රට බෞද්ධ රාජ්‍යයක් බව පිළිගැනීමට ධෛර්යයක් නොමැති බවද ඔහු චෝදනා කරයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ බුද්ධ ශාසන අමාත්‍යංශයක් නොමැති බවත්, පාසල්වල බුදු දහම වෙනුවට සර්ව ආගමික මිශ්‍රණයක් දරුවන්ට ඉගැන්වීමට සැලසුම් කර ඇති බවත් වීරවංශ පෙන්වා දෙයි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවිගේ, මේ රට බහු ආගමික, බහු සංස්කෘතික රටක් බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, ඊයේ (04) හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් විමල් වීරවංශ මේ බව පැවසීය.

නීතියට ඇරයුමක්ද? CID නිලධාරියාට හරක් කටාගෙන් ත්‍රස්ත තර්ජන

නීතියට ඇරයුමක්ද? CID නිලධාරියාට හරක් කටාගෙන් ත්‍රස්ත තර්ජන

ලංකාවේ නවතම රන් මිල සටහන මෙන්න

ලංකාවේ නවතම රන් මිල සටහන මෙන්න