නීතියට ඇරයුමක්ද? CID නිලධාරියාට හරක් කටාගෙන් මරණ තර්ජන

Report

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) උප පොලිස් පරීක්ෂකවරයෙකුට හරක් කටා නමැත්තා විසින් මරණ තර්ජනයක් කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

ඊයේ (04) උදෑසන 8ට පමණ හරක් කටා ස්නානය සඳහා සිර කුටියෙන් පිටතට පැමිණි අවස්ථාවේ, එම නිලධාරියා විසින් සැකකරුගේ කුටිය පරීක්ෂා කර ඇත.

පසුව, තම කුටියේ තිබූ පෑනක් අස්ථානගතවී ඇති බව දුටු හරක් කටා, නිලධාරියාට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු බව පැමිණිල්ලේ සඳහන්ය. "උඹ නේද මගේ පෑන ගත්තේ, උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්," යනුවෙන් හරක් කටා තර්ජනය කළ බවද පැමිණිල්ලේ දැක්වේ.

ලංකාවේ නවතම රන් මිල සටහන මෙන්න

ලංකාවේ නවතම රන් මිල සටහන මෙන්න

මේ අතර, හරක් කටා ඇතුළු විත්තිකරුවන්, CID අත්අඩංගුවෙන් පලායාමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධ නඩුව අද (05) කොළඹ මහාධිකරණයේ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවිණි. හරක් කටා, හිටපු CID කොස්තාපල්වරුන් වන රවිඳු සන්ධීප, සංජීව අබේසිංහ, රුවන් චාමර (මිදිගම රුවන්), සහ දිනේෂ් තරංග යන විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අධිකරණ සංකීර්ණය තුළත් ඒ අවටත් අද දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි. හරක් කටාට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරක් ලැබී ඇති බව ආරක්ෂක අංශ පවසයි. පොලිස් නිලධාරියෙකු, බන්ධනාගාර නිලධාරියෙකු හෝ මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගත් අයෙකු මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව එම තොරතුරේ සඳහන් වී තිබේ.

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 177ක්

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 177ක්

ඒ අනුව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක නිලධාරීන් 100කට අධික පිරිසක් අධිකරණ භූමියේ ආරක්ෂාව සඳහා යෙදවූ බව දැකගන්නට ලැබිණි.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි