දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් - පාලනයට කදුළු ගෑස් ප්‍රහාරයක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
මුලතිව් නගරයේ ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවයක් පාලනයට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
දින කිහිපයක සිට මුලතිව් ධීවර සංස්ථාව ඉදිරිපිට ධීවරයින් පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති අතර නීති විරෝධී දැල් භාවිතය තහනම් කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණේ.
නමුත් නීති විරෝධී දැල් භාවිතය තහනම් නොකරන ලෙස ඉල්ලමින් තවත් ධීවරයින් පිරිසක් අද උදෑසන මෙම ස්ථානයට පැමිණ විරෝධතාවක නිරත වූ අතර එම අවස්ථාවේ දී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
එය පාලනයට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.