විරෝධතාවය අතරතුර දේශපාලන ප්‍රබලයෙක් වහාම රෝහල් ගත කෙරේ..
අද (30) කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද එක්ව සිටියේ ය.
ඒ මහතා මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සමගි ජන බලවේගය මාලිගාවත්ත මුස්ලිම් කනත්ත අසල සිට අද (30) පස්වරුවේ දියත් කළ 'මේ දුෂ්ට ආණ්ඩුව එළවමු' විරෝධතාවයට මීට මොහොතකට පෙර කොළඹ ධර්මපාල මාවතේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකරනු ලැබීය.
ඒ මෙම විරෝධතාවයට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝගයක් පනවා තිබූ පසුබිමකයි.
කෙසේ වෙතත්, මෙම විරෝධතාව අතරතුර තුවාල ලැබූ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත නිලධාරියෙකු ද ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
Sponsored By Sarrita Jewellery