ජනපතිගේ රැඩිකල් ගතිය අද බැහැලා.. පේ විදේශ ප්‍රතිපත්තිය ගැන ලෝකය බලා සිටිනවා.. ලැජ්ජයි - මුජිබුර්
කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී මැද පෙරදිග යුද්ධ තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ තම අසම්මතිය ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ, ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමටත් මැද පෙරදිග තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමටත් ට්‍රම්ප් පරිපාලනය හා ඊශ්‍රායල පරිපාලනය එක්ව කටයුතු කරමින් සිටින බවත්, මැද පෙරදිග දැන් යුද කලාපයක් බවට පත්ව ඇති බවත්ය.
"ඒ නිසා අද මුළු ලෝකයම භීතියට පත්ව තිබෙනවා. රටක් ලෙස අපටත් එය බලපානවා. අප රටේ ලක්ෂ දහයකට අධික පිරිසක් මැද පෙරදිග රැකියා කරනවා. එමෙන්ම තෙල් සම්පත මෙන්ම ගෑස් පිළිබඳ ගැටලු මතු වී තිබෙනවා. ඒ වගේම අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන ලෝකය බලා සිටිනවා"
"ජනාධිපතිතුමා ඒ ගැන කතා කළේ නෑ. එදා ජනාධිපතිතුමාට තිබුණු රැඩිකල් බව අද කෝ? ඒ රැඩිකල් බව ජුලී චෑන්ජ් අරගෙන ගියාද දන්නේ නෑ"
යනුවෙන්ද විවේචනය කළේය.