ඉන්ධන නෞකාවක් මුහුදු කොල්ලකරුවන්ගේ අතට
යේමන මුහුදු සීමාවට ඔබ්බෙන් වූ ඒඩන් බොක්ක ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් MT Eureka නමැති ඉන්ධන නෞකාව පැහැරගෙන තිබේ.
ටෝගෝ (Togo) ධජය යටතේ යාත්‍රා කර ඇති මෙම නෞකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා (Sharjah) පදනම් කරගත් සමාගමකට අයත් එකකි.
මෙම සිදුවීමත් සමඟ පසුගිය දින 10ක් වැනි කෙටි කාලයක් තුළ සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් දෙවන ඉන්ධන නෞකාව ලෙස මෙය වාර්තා වේ.
මීට පෙර අප්‍රේල් 22 වනදා ද 'හොනර් 25' (Honor 25) නමැති නෞකාව ද කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණි.
තවද පසුගිය සති දෙක තුළ පමණක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගැනීම් හතරක් සිදුකර ඇතැයිද සෝමාලියාවේ පුලුල් වෙරළ තීරය මගින් මුහුදු කොල්ලකෑම් වේගයෙන් ව්‍යාප්ත වෙමින් බවතින බවද සමුද්‍ර ආරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.