රසිකයින්ගෙ නොමද ආදරය හිමි වුණ, මෙරට කීර්තිමත් ක්‍රීඩකයෙක් අවසන් ගමන් යන්නම යයි.. (PHOTOS)

Death Sports Latest Headlines
By krishani Apr 20, 2024 03:20 PM GMT
krishani

krishani

Report

ඊයේ (19) දිනයේ දී ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රසිකයින්ගෙ නොමද ආදරය හිමි වුණ, මෙරට කීර්තිමත් ක්‍රීඩකයෙක් අවසන් ගමන් යන්නම යයි.. (PHOTOS) | Mr Nagalingam Ediweerasingham Passed Away

ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී වාසය කරමින් සිටි දී ය.

මිය යන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසු විය.

යාපනේ මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් සිසුවෙක් වූ එදිරිවීරසිංහම් මහතා දක්ෂ මලල ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද විය.

රසිකයින්ගෙ නොමද ආදරය හිමි වුණ, මෙරට කීර්තිමත් ක්‍රීඩකයෙක් අවසන් ගමන් යන්නම යයි.. (PHOTOS) | Mr Nagalingam Ediweerasingham Passed Away

1952 හා 1956 ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ඒ මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් දිනාදුන් පළමු ක්‍රීඩකයා වේ.

එමෙන්ම, 1954 මැනිලා, 1958 තෝක්යෝ, 1962 ජකාර්තා ආසියානු ක්‍රීඩා උළෙල වලට සහභාගී වෙමින් 1958 දී උස පැනීමේ රන් පදක්කම හා 1962 දී රිදී පදක්කම ද දිනා ගන්නා ලදී.