"..මම එතරම් හොඳ මානසිකත්වයෙන් හිටපු කෙනෙක් නෙමෙයි.." ලොවක් සිනහවෙන් වසඟ කල Mr.Been ගේ ඇත්තම කතාව..(PHOTOS)
මම පුංචි කාලයේ එතරම් හොද මානසික මට්ටමකින් හිටිය කෙනෙක් නෙවෙයි. හේතුව මම උපතින්ම කතා කිරීමේදී වචන පැටලෙන ගතියක් තිබුන නිසා.. පොඩි කාලේ මම ළමයින්ගේ විහිළු වලට ඇඩුවත් පස්සේ මම තේරුම් ගත්තා ඒ අඩනවාට වඩා මම දෙයක් කළ යුතු බව..
එදා ඉදලා මම මගේ පැටළුන වචන වලින් මට සිනාසුන අය තවත් හිනැස්සුවා. ඒ ක්‍රමය අඩනවාටත් වඩා මගේ හිත සැහැල්ලු කලා.Rowan Atkinson. Mr.Been වන්නේ ඒ පන්නරයෙන්. අසුකාලීනව ඔහුගේ මේ අපූරු හැකියාවෙන් මුළු මහත් ලෝකයේම මිනිසුන්ගේ මුවගට සිනහවක් ගෙන එනවා..
අදට ඔහු දකින සෑම කෙනෙක් ඔහුව හදුනන්නේ ඒ හැකියාව නිසාවෙන්මයි. බොහෝ මිනිසුන් තමන්ගේ ආබාධය දුබල තාවයක් ලෙස සිතා මැසිවිලි නැගූවද රෝවන් ඔහුගේ ආබාධය ඔහුගේ අනන්‍යතාවය කරගන්නවා.
ඒ වගේම රෝවන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධි ධාරියෙක්. ඒ වගේම රෝවන් අති දක්ෂ පිටපත් රචකයෙකුද වනවා.. ජීවිතයේ ඇද වැටුනු තැන් වලින්ම නැගිටින්නත් ඕන වග රෝවන් නැත්නම්.අපි ආදරය කරන Mr.Been අපිට පෙන්වා දුන්නේ ඒ අයුරින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |