හිටපු අමාත්‍ය පියංකර අල්ලස් කොමිසමෙන් පිටව යයි

Report

2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සිදුකළ එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා අද (2026 මැයි 12) දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබේ.

හිටපු ජනාධිපතිවරයා පෙරවරු 9.30 ට පමණ කොමිසම හමුවේ පෙනී සිටි අතර, පැය දෙකකට අධික කාලයක් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු පිටව ගියේය.

එමෙන්ම හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා ද අදාළ විමර්ශනයට අදාළව සිය ප්‍රකාශය සටහන් කර අවසන් කර ඇත. මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ එයාර්බස් ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවයි.

පැය දෙකකට වැඩියෙන් ප්‍රකාශ දුන් හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි

පැය දෙකකට වැඩියෙන් ප්‍රකාශ දුන් හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි

මෑතකදී අභාවප්‍රාප්ත වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් මත මෙම කැඳවීම් සිදුකර තිබුණි.

චන්ද්‍රසේන මහතා මීට පෙර කොමිසමට පවසා තිබුණේ අදාළ අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂ මහතාටත්, රුපියල් මිලියන 20ක් පියංකර ජයරත්න මහතාටත් ලබා දුන් බවයි.

අනුර වුනත් අද රජ පුටුවේ ඉදගන ඉන්නේ මහින්ද මහත්තයට පිංසිද්ධ වෙන්න පාක්ෂිකයෙක් වේදනාවෙන් කෑ ගසයි

අනුර වුනත් අද රජ පුටුවේ ඉදගන ඉන්නේ මහින්ද මහත්තයට පිංසිද්ධ වෙන්න පාක්ෂිකයෙක් වේදනාවෙන් කෑ ගසයි

කෙසේ වෙතත්, එම ප්‍රකාශය තර්ජනය කර බලහත්කාරයෙන් ලබා ගත් එකක් බවට චන්ද්‍රසේන මහතා පසුව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා තිබූ බව රාජපක්ෂ මහතාගේ නීතිඥ මණ්ඩලය පෙන්වා දෙයි.