හදිසි අනතුරින් මියගිය සනත් නිශාන්තගේ හිස් වූ මන්ත්‍රීධූරයට එන නව මන්ත්‍රී මෙන්න..
අද (25) උදෑසන සිදුවූ හදිසි රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්, හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 05ක් හිමි විය.
එහිදී මනාප 80082 ලබා ගනිමින් සනත් නිශාන්ත එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ අතර ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගත් මන්ත්‍රීවරුන් වේ.
මනාප 40527ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතාහට හිමි විය.
ඒ අනුව, සනත් නිශාන්ත මහතා මියයාමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව ඇත්තේ ජගත් ප්‍රියංකර මහතායි.
කෙසේ වෙතත් ජගත් ප්‍රියංකර, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික නිදහස් පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටීම තුළ ඉදිරියේදී කුමන තත්ත්වයක් ඇතිවිය හැකිදැයි බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් පවතී.
Sponsored By Sarrita Jewellery
