මෙරට දේශපාලන ප්‍රබලයෙක් එකවරම විදුලි සෝපානයක හිර වෙලා සිදුවුණ දෙය..
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපනය හදිසියේ අක්‍රීය වී තිබෙනවා.
ඒ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ ඔහුගේ ආරක්ෂිකයින් දෙදෙනා එහි සිර වී ඇත.
ඒ විනාඩි 25 කට ආසන්න කාලයක් ය.
කෙසේ වෙතත්, පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව පිටතට ගෙන තිබෙනවා.
මේ අතර, අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් අද(27) දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කෙරිණ.
ඔවුන් සඳහන් කළේ, පවතින ජීවන වියදම හමුවේ වැටුප් වැඩි වීමක් කඩිනමින් අවශ්‍ය බවයි.
මේ අතර සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ කොළඹ පැවැත්වෙන ප්‍රධාන විරෝධතාවය බත්තරමුල්ල සෙත්සිරිපාය අසලින් ආරම්භ කළ බවයි.