රට පුරා සියලුම රාජ්‍ය සේවකයින් අද කරන්න යන දේ..වැටුප 20000කින් වැඩි කරයි?..

Report

රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000 කින් වැඩි කරන ලෙස ඉල්ලා අද (27) කෑම පැයේදී විරෝධතා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12.00 ට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළා.

රට පුරා සියලුම රාජ්‍ය සේවකයින් අද කරන්න යන දේ..වැටුප 20000කින් වැඩි කරයි?.. | 20000 Increase In Government Employee Salary

රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවයි.

කොස්ගම ප්‍රදේශයේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී, එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා මේ බව කියා සිටියා.