ගල්කිස්සේ ඝාතනයට පැමිණි යතුරුපැදිකරු මාට්ටු

Report

පසුගියදා ගල්කිස්සේදී 19 හැවිරිදි තරුණයෙක් නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එම සිදුවීමට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට ඊයේ (16) පොලිසිය කටයුතු කරනු ලැබුවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පළාත් පාලන ආයතන බලය පිහිටුවීම ගැන ඇමති සරත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පළාත් පාලන ආයතන බලය පිහිටුවීම ගැන ඇමති සරත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පොලීසිය පවසන්නේ අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔවුන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් වනවා.

ජනතාව බිල්ලට දීලා මාලිමා ආණ්ඩුවට දෙහි කපන දුම්රිය වර්ජන

ජනතාව බිල්ලට දීලා මාලිමා ආණ්ඩුවට දෙහි කපන දුම්රිය වර්ජන