අම්මගෙ ස්කුටියේ අංක තහඩුව අලුත් බයික් එකේ ගහගෙන වැඩ දාන්න ගිහින් මාට්ටු වෙලා යහළුවනුත් මග දමා පලාගිය තරුණයා..

Sri Lanka Police Sri Lanka
By Piyumika Jun 23, 2024 11:45 AM GMT
Piyumika

Piyumika

Report

තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ බවට සැක කෙරෙන රුපියල් කෝටි 1 1/2ක් පමණ වටිනා අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි තුනක් ධාවනය කරමින් සිටි තරුණයන් තිදෙනෙක් පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය වාර්තා කලේය .

පොලිස් රාජකාරියට පොලිස් සැරයන්ගෙන්ම බාධා..

පොලිස් රාජකාරියට පොලිස් සැරයන්ගෙන්ම බාධා..

යතුරුපැදි තුනෙන් දෙකක ලියාපදිංචි අංක තහඩු සවිකර තිබූ අතර එම එක් යතුරු පැදියක සවිකර ඇත්තේ අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ මවකගේ නමට ලියාපදිංචි කර ඇති ස්කූටර් යතුරු පැදියක ලියාපදිංචි අංක තහඩුව බව පොලීසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

මිනිසත්කම ලැබූ තිරිසනෙකු කළ අහස පොළොව නුහුලන අපරාධය..

මිනිසත්කම ලැබූ තිරිසනෙකු කළ අහස පොළොව නුහුලන අපරාධය..

බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්නගේ උපදෙස් මත පොසොන් පොහෝ දින රාත්‍රී යොදා තිබූ රථ වාහන පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව පැපිලියාන හන්දියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 98537 බුද්ධික නිලධාරියා බොරලැස්ගමුව දෙස සිට කොළඹ දෙසට පැමිණි රථවාහන මාර්ග සංඥාවලට අවනතව පැපිලියන හන්දියේ නැවැත්වීමේදී ඒ දෙස විමසිලිමත් වී ඇති අතර එයින් එක් යතුරුපැදියක ලියා පදිංචි අංක තහඩු නොමැති බවට දැක එම යතුරුපැදිය අසලට යාමේදී යතුරුපැදිකරු එකවරම එය වමට හරවා දෙහිවල දෙසට පළා ගොස් ඇත.

මක්කම වන්දනාවේ ගිහින් හොර බඩු ගෙනා දෙදෙනෙක් කටුනායකේදී මාට්ටු..

මක්කම වන්දනාවේ ගිහින් හොර බඩු ගෙනා දෙදෙනෙක් කටුනායකේදී මාට්ටු..

එසැනින් ක්‍රියාත්මක වූ කොස්තාපල්වරයා සෙසු යතුරුපැදි දෙකේ යතුරු ඔහු භාරයට ගෙන ඒ බව ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමත් සමගම තවත් නිලධාරීන් කීහිප දෙනෙකු සමග එම ස්ථානයට වහා ගිය ස්ථානාධිපතිවරයා තරුණයන් ලවා දුරකථන ඇමතුම් ලබාදී පළා ගිය තරුණයා ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබුණි.

ගසක් නිසා ප්‍රධාන දුම්රියක් අද පරක්කුයි.. දුම්රිය පාලක මැදිරියෙන් දැනුම්දීමක්..

ගසක් නිසා ප්‍රධාන දුම්රියක් අද පරක්කුයි.. දුම්රිය පාලක මැදිරියෙන් දැනුම්දීමක්..

අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 20ත් 26ත් අතර පසුවන බොරලැස්ගමුව, පානදුර හා කොළඹ දෙක යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.

ඔවුන් තිදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඉදිරි දිනක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.