වාහන මිල පහලට - මහ බැංකුව කියයි

Report

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ ආනයනික මෝටර් වාහන සඳහා වූ pent-up demand මේ වන විට ස්ථාවර වී ඇති බවත් වෙළඳපල තත්ත්වයන් වැඩිදියුණු වීමත් සමඟ වාහන මිල තවදුරටත් පහත වැටෙනු ඇති බවත්ය.

මුදල් ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී විවෘත කරන ලද ණයවර ලිපි (LCs) වැඩිවීම නිසා ඉල්ලුම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ ගිය බවයි.

කලබල අස්සේ අද රන්මිල වෙනස් වෙලා මෙන්න අද රන්මිල

කලබල අස්සේ අද රන්මිල වෙනස් වෙලා මෙන්න අද රන්මිල

කෙසේ වෙතත්, පසුගිය මාස දෙක තුළ මෙම ඉල්ලුම අඩු වී ඇති අතර, එය දිගින් දිගටම අඩුවෙමින් පවතින බවට ඇඟවීම් කර ඇත. එමෙන්ම මෙම ඉල්ලුම අඩුවීම මෝටර් වාහන මිල පහත වැටීමට හේතු වනු ඇති අතර දත්තවලට අනුව, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමකින් යුත් වාහන ආනයනය කර ඇත.

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්