මෝටර් රථයක් දුම්රියේ ගැටේ - දරුණු අනතුරක්

Report

 අද (27) පස්වරුවේ දී බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගම පියගම ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක් දුම්රියේ ගැටී ඇත. අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා බලපිටිය සහ කරාපිටිය ශික්ෂණ රෝහළට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය පවසයි.

මෙම දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතියක් සවිකොට එහි වර්ණ යොදා මෙන්ම ආරක්ෂිත සීනුවද නාද වෙමින් තිබියදී මෙම මෝටර් රථය දුම්රිය මාර්ගය තුළට ඇතුලත් කර ඇත.

බිහිසුණු අනතුරක් - බස් රථයක් පෙරළෙයි - 09ක් මරුට

බිහිසුණු අනතුරක් - බස් රථයක් පෙරළෙයි - 09ක් මරුට

දුම්රියේ ගැටුණු මෝටර් රථය විසි වී ගොස් ඇති අතර මෝටර් රථයේ සිටි පියා, පුතා සහ ඥාති කාන්තාවක් මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුර සම්බන්ධව කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

බිහිසුණු අනතුරක් - බස් රථයක් පෙරළෙයි - 09ක් මරුට

බිහිසුණු අනතුරක් - බස් රථයක් පෙරළෙයි - 09ක් මරුට