වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට

Report

මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් 30 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇගේ 10 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ නාදුනන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බව සඳහන් වේ.

අද අලුයම හදිසි ගින්නක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අද අලුයම හදිසි ගින්නක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වෙඩි තැබීමෙන් පසුව කාන්තාව සහ දරුවා රෝහල්ගත කරනු ලැබූ අතර, කාන්තාව පසුව මියගොස් ඇතැයි මාරවිල පොලිසියට ලැබුණු තොරතුරුවලින් අනාවරණය වී ඇත.

පෙම්වතියව ඝාතනය කර පෙම්වතාත් සියදිවි හානි කරගෙන

පෙම්වතියව ඝාතනය කර පෙම්වතාත් සියදිවි හානි කරගෙන

මියගිය කාන්තාව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කලකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙක් වන අතර, ඇප මත මුදා හැර සිටි බවද වාර්තා වේ.

මෙහිදී, ඇය ත්‍රී රෝද රථයකින් නිවසට පැමිණෙන අතරතුර, නිවස අසළදී වෙඩි තැබීමට ලක්වී ඇත. වෙඩි තැබීමේදී රිවොල්වරයක් හෝ පිස්තෝලයක් භාවිතා වී ඇති බවට පොලීසිය සැක පළකරයි.

ආයෙත් එකගෙයි කනවා වගේ - අයියවයි මල්ලිවයි දෙන්නවම කසාද බැදලා

ආයෙත් එකගෙයි කනවා වගේ - අයියවයි මල්ලිවයි දෙන්නවම කසාද බැදලා

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය විසින් දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇත.