තිදෙනෙකුට ජිවිතය අහිමි කළ බිහිසුණු අනතුර..
By krishani
කෝපායි - තිරුනෙල්වේලි රාමලිංගම් මාර්ගයේ දී ඊයේ (17) රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
පොලීසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරුවන් යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් තිදෙනෙකු මියගිය බවයි.
මියගොස් ඇත්තේ අවුරුදු 17, 23, සහ 25 හැවිරිදි චුන්නාකම්, කෝපායි සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
යතුරුපැදිකරුවන්ගේ නොසැලකිලිමත් හා අපරික්ෂාකාරි ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |