පාසල් සිසුන් හා ගුරුවරුන්ගේ ඇදුම් ගැන නිවේදනයක්
දෙසැම්බර් 16 වැනි දින ආරම්භ වන සියලු පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙසැම්බර් 15 වැනි දින සේවයට වාර්තා කළ යුතු බවත් පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කර ඇත.
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද(09) පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ 10,076 ක් වන දිවයිනේ සියලු පාසල් අතරින් පාසල් 9,929 ක් 2025.12.16 වැනි දින විවෘත කරන බවයි.
ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බවත්, පළාත් වශයෙන් ලබා දෙන ඉදිරි තහවුරු කරගැනීම්වලදි සිදු විය හැකි සංඛ්‍යාමය වෙනස් වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිල දැනුවත් කිරීම් සිදු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
[INUNXVS