ඉරානෙන් කටාර් රාජ්‍යට එවු බැලැස්ටික මිසයිල දෙකක් උඩුගුවනේදීම සුණුවිසුණු වෙයි
කටාර් රාජ්‍යය පවසන්නේ, ඉරානයෙන් එල්ල වූ දිගු දුර බැලැස්ටික මිසයිල දෙකක් ඔවුන් උඩු ගුවනේදී විනාශ කළ බවයි. ඒ අනුව කටාර් රාජ්‍යය ඇමෙරිකාවේ මිතුරෙක් වන අතර, එහි ඇමරිකානු හමුදා කදවුරු පිහිටා ඇත.
විදේශ මාධ්‍ය වාර්තා අනුව, ඉරානය ඇමෙරිකාවෙන් එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්, අවට රටවල ඇමරිකානු හමුදා කදවුරු සහ තානාපති/කොන්සල් කාර්යාලවලටත් පහර දී ඇති බවට වාර්තා වේ.
ඊට අනුව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ කළ මොහොතේ සිට, ඉරානයෙන් එල්ල කරන ප්‍රතිප්‍රහාර වැඩිම ප්‍රමාණය කටාර් රාජ්‍යයටම සිදු වී ඇති බව වාර්තා වේ.