සියලුම වාහන වල අංක තහඩු සම්බන්ධයෙන් ගන්න යන විශේෂ තීරණය මෙන්න..

Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Feb 01, 2025 03:30 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට පිහිටි එහි ප්‍රධාන කාර්යාලය වෙත පසුගියදා නිරීක්ෂණක යෙදුණා.

මහජනතාවට සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව මෙහිදී අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු විය.

එහිදී අමාත්‍යතුමන් වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ කාර්යභාරයන් පිළිබඳවද විශේෂ අවධානයකට යොමු කළ අතර මේ වන විට එහි ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව සෑහීමකට පත්විය හැකි බවද ප්‍රකාශ කෙරිණි.

වයස අවු­රුදු 18ට අඩු දරු­වන්ට සමාජ මාධ්‍ය භාවි­තය තහ­නම් කරයි?..

වයස අවු­රුදු 18ට අඩු දරු­වන්ට සමාජ මාධ්‍ය භාවි­තය තහ­නම් කරයි?..


ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුතු මාර්ග සංඥා පුවරු ඉක්මනින්ම ඉදිකිරීමට හා එම පුවරුවලට අදාළ මාර්ගයේ වායු තත්ත්වයය පිළිබඳව දත්ත ලබා ගතහැකි නවීන යන්ත්‍ර ඇතුළත් කිරීමට අදාළව වැදගත් ව්‍යාපෘතියක් මෙම අරමුදල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටද සාකච්ඡා විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු නිකුත් කිරීමේ අංශය නිරීක්ෂණය කිරීමේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළ සේවාලාභින් බොහෝ පිරිසක් තම නව අංක තහඩු නැවත රැගෙන ගොස් නොමැතිව එම ආයතනය තුළ ගොඩ ගැසී ඇති ආකාරය ද අමාත්‍යවරයාගේ නෙත ගැටී ඇත.

අංක තහඩුව මුද්‍රණය වී අදාල අංශය වෙත ලැබුණු පසු සේවා ලාභියාට එය දැනගත හැකි වන පරිදි sms පණිවිඩයක් සේවාලාභියාගේ දුරකථනයට යොමු කිරීම සඳහා එහිදී සාකච්ඡා වූ බවයි පැවසෙන්නේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිතව ඇති යතුරුපැදි , කාර්, බස්, ලොරි, වෙළඳ වාහන , ත්‍රීවීල්, විමර්ශන, කාර්මික , තොරතුරු තාක්ෂණ වැනි අංශ ද නිරීක්ෂණය කළ අමාත්‍යතුමන් එම අංශවලින් සපයන සේවාවන් පිළිබඳව සේවාලාභීන්ගේන්ද අදහස් විමසීම ද විශේෂත්වයක්.

අද සිට වාහන ආනයනයට විශේෂ කොන්දේසි මාලාවක්..මෝටර් රථ වලටත් බදු පැනවෙන්නෙ මෙහෙමයි..

අද සිට වාහන ආනයනයට විශේෂ කොන්දේසි මාලාවක්..මෝටර් රථ වලටත් බදු පැනවෙන්නෙ මෙහෙමයි..


සේවාලාභීන්ගේ කාලය තවදුරටත් ඉතිරි කරදීම උදෙසා කළ හැකි කාර්යයන් පිළිබඳවද එහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරීක්ෂණය කළ අමාත්‍යතුමන් මහජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට කැපවන ලෙස එහිදී උප දෙස් දී ඇත.

You May Like This Video


ReeCha