මැතිවරණ පැමිණිලි 2600ත් ඉක්මවයි...

Report

මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2644 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (06) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 184ක් ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් බෙදා අවසන්...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් බෙදා අවසන්...

මේ අතර, ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව 11ක් සහ වෙනත් පැමිණිලි 62ක් වාර්තා වී ඇති බව කොමිසම පැවසුවේ ය.

කෙසේ වෙතත්, ලැබී ඇති පැමිණිලි අතරින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 2571 කි..