නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් බෙදා අවසන්...

Report

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ වු අතර එම කටයුතු සැප්තැම්බර් 14 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ ය.

තව දුරටත් අදහස් දැක්වූ එතුමා පවසා ඇත්තේ, හෙට (08) දිනය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.