නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්
පසුගිය මාස හයක කාලයේදී ලාදුරු බවට සැක කෙරෙන රෝගීන් 23 දෙනෙකු මොරටුව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් වාර්තා වූ බව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ රෝගී වූ පුද්ගලයන් 23න් 6ක්ම දරුවන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පෙන්වා දෙයි.
මේ වන විට සමේ රෝග සායනයට ලාදුරු රෝගීන් යැයි සැක කෙරෙන තවත් 31 දෙනකුගේ වාර්තා ද ලැබී ඇති බවත් තවත් ලාදුරු රෝගීන් සිටිය හැකි බවත් වාර්තා වේ.
මෙහිදී මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුවේදීද රෝගීන්ගේ වැඩිවීම පිළිඹඳව තොරතුරු ඉදිරිපත් කළේය.