ඇග හිරිවැටෙන මන්කිෆොක්ස් ගැන භයානක අණාවරණයක් - සැක පුද්ගලයින් 18,000ක්
Monkeypox
Monkeypox virus
Latest Headlines
By Sewvandhi
අවශ්‍ය සම්පත් සහ අරමුදල් නොමැතිකමින් කොංගෝවේ පැතිර යන වඳුරු උණ වෛරසයේ නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණය සහ අවදානම පිළිබඳව නිසි ලෙස පරීක්ෂණ කිරීමට නොහැකි වී ඇති බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරනු ලබන විද්‍යාඥයින් පවසනවා.
අදාළ විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ, එම නිසා වෛරසය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් වෙනස් වන වෛරසයක් බවට පත්ව ඇති බවයි.
වඳුරු උණෙහි නව ප්‍රභේදය මේ වන විට කොංගෝව ඇතුළු ඒ ආසන්න රටවල වේගයෙන් පැතිර යන අතර වසරේ ගතවු කාලය තුළ වඳුරු උණ යැයි සැක කෙරෙන පුද්ගලයින් 18,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණා.
දැනට වසර පුරා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 615 ක්.