රට පුරාම මංකිපොක්ස් බිය පැතිර යයි..

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,එම්පොක්ස් හෙවත් මංකිපොක්ස් ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වේ යැයි පාකිස්තානය බියෙන් පසුවන බවයි.

එම බිය හේතුවෙන් පාකිස්තානය පුරා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට බලධාරීන් දැනුම්දී තිබේ.

එනම්පා වාර්තාවන්නේ පාකිස්ථානයේ දේශසීමා, සෞඛ්‍ය සේවා, ගුවන්තොටුපොළ ඇතුළු සියලුම පිවිසුම් ස්ථානවල පූර්ව ආරක්ෂාව තීව්‍ර කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි.

මංකිපොක්ස් රෝග ලක්ෂණ යැයි සැක සහිත පුද්ගලයන් රටට ඇතුළුවන අවස්ථාවේදී දැඩිව පරීක්ෂා කිරීම සිදුකෙරෙන බවද වාර්තා වෙයි.

මංකිපොක්ස් රෝගියෙකු එරටින් හමුවීමත් සමග මෙම පියවර අනුගමනය කිරීමට කටයුතු කර තිබේ.