මන්කිපොක්ස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත් නවතම ක්‍රමවේදය..

Report

වඳුරු උණ රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබාදීම ඊයේ (05) සිදු කෙරුණු අතර මෙම පරීක්ෂණ කට්ටල රට පුරා ස්ථානගත කර නියැදි පරික්ෂා කිරීම් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ ය.

කොළඹ හා මහනුවර ඇතුළු ස්ථාන කිහිපයක ස්ථාපිත කරන පරීක්ෂණ මධ්‍යස්ථාන හරහා රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ නියැදි පරික්ෂා කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join