අප්‍රිකාවෙන් පිටත පළමු Monkeypox මරණය වාර්තා වෙයි.

Report

අප්‍රිකාවෙන් පිටත සිදු වූ පළමු monkeypox මරණ වාර්තා වී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, බ්‍රසීලයේ 41 හැවිරිදි පුද්ගලයෙක්.

ඊට ටික වෙලාවකට පසු ස්පාඤ්ඤය ද එරට පළමු monkeypox මරණය නිවේදනය කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්පාඤ්ඤයෙන් වාර්තා වුණු මරණය, යුරෝපයේ පළමු monkeypox මරණය බවයි.  

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) monkeypox වසංගතය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, monkeypox ආසාදන සාමාන්‍යයෙන් මෘදු වන අතර සාමාන්‍ය ජනතාවට ඉන් ඇති අවදානම අඩු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW