මන්කිපොක්ස් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්...

World Health Organization Sri Lanka Ministry of Health Sri Lanka Monkeypox ‎Monkeypox virus
By Parami Dissanayake Aug 22, 2024 01:19 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගීන් හඳුනා ගැනීමට රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටිනවා.

ඒ අනුව රෝගීන් වාර්තා වුවහොත් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් ස්ථාපිත කර තිබෙන බව ද ඔහු පවසා ඇත.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව mpox රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් ද පවතින බවත් ඔහු පැවසුවේ ය.

එමෙන්ම, පසුගිය 20 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විද්වත් කමිටු රැස්වීමේ දී මෙම රෝගයට වඩාත් හොදින් සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ද ලබාදුන් බවත්, මේ හා සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක් ද සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටියේ ය.

එතුමා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, mpox රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උණ, සමෙහි බිබිලි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ ය.