ඉතාම සමීප ඇසුරකින් පමණයි මන්කිපොක්ස් (Monkeypox) ආසාදනය වන්නේ..

Monkeypox ‎Monkeypox virus
By krishani Nov 04, 2022 11:09 PM GMT
krishani

krishani

Report

Monkeypox (මන්කි පොක්ස්) වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත් ඒ පිළිබද අනියත බියක් ඇතිකරගත යුතු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තා වීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මේ පිළිබදව පැවසීය.

ශ්‍රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වනු ලබන බවත්, ඒනිසාම අදාල ආසාදිතයා කඩිනමින් හදුනා ගැනීමට හැකි වූ බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළේ ය.

විශේෂයෙන්ම Monkeypox රෝගය පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝවිය හැක්කේ ඉතාම සමීප ඇසුරකින් පමණක් බව සහ එය විවිධ ක්‍රම ඔස්සේ සිදුවිය හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

මෙය පැපොල වැනි රෝගී තත්ත්වයක් බවත්, එවැනි වෛරස් තත්ත්වයන් සාමාන්‍යයෙන් විටින් විට ඇතිවන්නක් බවත්, එහෙත් මෙම රෝගය පිළිබදව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඒ පිළිබදව අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් ඒ මහතා අදහස් දැක්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join

ReeCha