භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමකට වූ දරුණු ඛේදවාචකය - හදිසියේ අපවත් වෙති
පානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරන්ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කරන හිමිනමක් කොටියෙකු සපාකෑම හේතුවෙන් අපවත් වී ඇති බව වාර්තා විය.
ඒ අනුව ඊයේ (26) දින උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය ප්රකාශ කළා.
මෙසේ අපවත්වූ හිමිනම වයස අවුරුදු 43ක් වූ චෙක් ජාතික හිමිනමක් බව සඳහන්.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.