බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට
අනුරාධපුර ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පල්ලේගම හේමරතන හිමියන් අද දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා තහවුරු කළේය.
සැකකාර හිමිනම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිට්ටඹුව පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අතිශය සංවේදී සහ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළව දැනටමත් විමර්ශන රැසක් සිදුකර ඇති අතර, දැරිය අපයෝජනයට ලක් කිරීමට අනුබල දීම සහ සම්බන්ධ වීම යන චෝදනා මත වින්දිත දැරියගේ මව සහ ව්‍යාපාරිකයෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අගතියට පත් 15 හැවිරිදි දැරිය මේ වන විට අධිකරණ නියෝග මත ආරක්ෂිත භාරයට පත් කර ඇති අතර, ඇය රාගම ළමා සුරක්ෂණ මධ්‍යස්ථානයේ රඳවා සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවත්, අත්අඩංගුවට ගත් හිමිනමගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.