ප්රධාන මාර්ගයේ තෙල් ප්රවාහන දුම්රියක් පීලි පනී
By Mithu
ප්රධාන දුම්රිය මාර්ගයේ වලකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානයන් අතරදී අද (08) අංක 4458 දරන තෙල් ප්රවාහන දුම්රිය පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
මෙම සිදුවීමත් සමඟ ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන පරිදි, පීලි පැනීම හේතුවෙන් මාර්ගයට හානි සිදුව ඇති අතර පොල්ගහවෙල හරහා ධාවනය වීමට නියමිත අනෙකුත් සියලුම දුම්රියයන් සැලකිය යුතු වේලාවක් ප්රමාද වී ධාවනය වීමට ඉඩ පවතී.