අධිකරණයට එන බලපෑම ගැන කතා කරන්න විපක්ෂය ඉල්ලූ විවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

Report

අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් සිදුකරනු ලබන බලපෑම් පිළිබඳව විවාදයක් පවත්වන ලෙස විපක්ෂය කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, එය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂය පෙන්වා දෙයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 36 දෙනෙකුගේ අත්සනින් යුත් ලිඛිත ඉල්ලීමක් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබූ බවයි.

විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

කෙසේ වෙතත්, එළැඹෙන පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රයට මෙම විවාදය ඇතුළත් කිරීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් අනාවරණය කළේ, මීට අමතරව මුදල් අමාත්‍යාංශයේ සිදුවී ඇතැයි කියන ආන්දෝලනාත්මක ගනුදෙනුවක් පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස පසුගිය පක්ෂ නායක රැස්වීමේදී කළ ඉල්ලීම ද රජය විසින් ඉවත දමා ඇති බවයි.

නොසිතූ ලාභ ලැබෙන වාසනාව වැල්ලේ කැරෙකෙන අද සුබ අසුබ ගෙනෙන ලග්න පලාපල

නොසිතූ ලාභ ලැබෙන වාසනාව වැල්ලේ කැරෙකෙන අද සුබ අසුබ ගෙනෙන ලග්න පලාපල

වැදගත් මහජන කරුණු පිළිබඳව විවාද කිරීමට අවස්ථාව ලබා නොදීම හරහා රජය පාර්ලිමේන්තුවේ හඬ යටපත් කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.