ප්‍රහාරවලින් සැඟවීමට මොජ්ටාබා කමේනි සිය ආරක්ෂක ප්‍රොටෝකෝල දැඩිකරයි
අමෙරිකාවේ සහ ඊශ්‍රායල් ප්‍රහාරවලින් සහ ඔත්තුකරුවන්ගෙන් සැඟවීම සඳහා ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනි විසින් සිය ආරක්ෂක ප්‍රොටෝකෝල දැඩිකර ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, සමීප ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු හැර ඔහුව හමුවීමට කිසිවෙකුට අවසර නොමැති බව සඳහන් වෙයි.
තවද ඉරාන නායකත්වය විසින් සිය පණිවුඩ ඉරානය පුරා සිටින ආරක්ෂක බලඇණි වෙත යොමුකරන අතර ඒ සඳහා කිසිදු සන්නිවේදන උපකරණයක් භාවිත නොකරන බවඳ සඳහන් ය.
ඒ වෙනුවට ඔහු අතින් ලියනලද නියෝග යතුරුපැදිකරුවන් හරහා අප්‍රසිද්ධ මාර්ග ඔස්සේ මිනිස් දාමයක් හරහා යොමුකරවන බව වාර්තා වී තිබේ.