බෞද්ධාලෝක මාවතෙහි වෙසක් කලාපය ගගන ඔස්සේ සජීවීව නරඹන්න(LIVE) ..

Vesak Full Moon Poya Vesak2024 Vesak Day
By Aruna May 23, 2024 02:52 PM GMT
Aruna

Aruna

Report

සම්බුදු තෙමඟුල සිදු වූ උතුම් වූ (23) වෙසක් පුර පසලොස්වක් පොහෝදිනය අදයි. මෙම සම්බදු තෙමඟුල නිමිති කර ගනිමින් ලක්වාසී ලෝකවාසී බෞද්ධ සැදැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් ගෙන් බුදුන් වහන්සේ පුදයි.

මේ අතර ශ්‍රී ලාංකීය ධරණීයතලයේ භික්ෂු, භිකෂුණී,උපාසක,උපාසකා යස සිව්වන පිරිස දාන,ශිල,භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදුකරමින්,සමාජ සේවා කටයුතු,දන්සැල්,පෙරහර,තොරණ,වෙසක් කූඩු ඇතුලු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදු කරන පුණ්‍යවන්ත වූ දිනයක් ලෙස අද(23) දිනය සැලකිය හැකියි.

මේ අනුව අද දිනයේ කොළඹ නගරය තුළ විචිත්‍රවත් වූ දන්සැල්, තොරන්,වෙසක් කලාපයන් දැකගත හැකිවේ.

එවන් විචිත්‍රවත් වූ වෙසක් කලාපයක් මේවන විට බෞද්ධාලෝක මාවතෙහි ආරම්භ වී තිබේ.

මෙහි මාධ්‍ය අනුග්‍රහය ගගන නාලිකාව විසින් සිදු කරයි. ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ගගන ෆේස්බුක් පිටුව ඔස්සේ එම වෙසක් කලාපය මේ වන විට සජීවී කරණය කරමින් පවතී.

සජීවී දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න.