නිල සංචාරයක් සඳහා මෝදී යුක්රේනයට...
By Parami Dissanayake
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා යුක්රේනයට ගොස් ඇති අතර, යුක්රේනයට පැමිණි පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ද මොහු පත් ව ඇත.
පෝලන්තයේ නිල සංචාරය අවසන් කරමින් මෙලෙස යුක්රේනයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.
එහි දී රුසියානු යුක්රේන යුද ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අරමුණු වී ඇත.
කෙසේ වෙතත්, මීට සති 06කට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි රුසියාවේ ද සංචාරයක නිරත ව තිබුණි.