සමෘද්ධි නිලධාරින්ගේ ගැටලු විසඳීමට මුදල් අමාත්‍යාංශයේ එකඟත්වය...
By Parami Dissanayake
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ දී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා නිලධාරීන් ලෙස මනාපය සංශෝධනය කිරීමට නැවත අවස්ථාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකගතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ අනුව එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඉදිරිපත් කිරීමට නියමිත බවත් නිලධාරීන් 3027 දෙනෙකුට ඊට අවස්ථාව හිමි වන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා සඳහන් කළේ, දීර්ඝ කාලයක් තිස්සේ තමන් මුහුණ දුන් මෙම ගැටලුව හේතුවෙන් පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඊට කඩිනම් විසඳුම් ලබා දීමට තීරණය කළ බවයි.