ඉදිරි පළාත් පාලන මැතිවරණය ඩිජිටල් ක්‍රමවේදයට කළ හැකි බව ජනපති කියයි...
By Parami Dissanayake
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ හමුවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.
ඒ අනුව, ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකි බවයි.