ජනප්‍රිය පාසලක ළමා අපයෝජන සියල්ල හෙළි කල සජිත් ප්‍රේමදාස

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවේදී කොළඹ ප්‍රධාන පාසලක දරුවන් තිදෙනෙකු ,විද්‍යාලයේ ස්ථාන භාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් පසුගිය සෙනසුරාදා (04) වනදා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු වාර්තා කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ ආචාර්යවරුන් කිසිදු පියවරක් ගෙන නොමැති අතර අපයෝජනයට ලක්වූ දරුවන් වෛද්‍යවරයකු වෙත යොමුකිරීම පවා සිදුකර නොමැති බවත් අදාල ආරක්ෂක ආයතනය පිළිබඳව මෙන්ම මෙම අපයෝජනය සිදු කළ පාපතරයා සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

ගුරුවරුන් දෙපළක් මේ සම්බන්ධයෙන් දැනුම් දුන් විට විදුහල්පතිවරයා තර්ජනය කර ඇති බවත් මේ ගැන පැමිණිලි සිදු කිරීමට ගිය විට දරුවන් උසාවි ගෙනයාමට සිදුවනු ඇති බවත් , වසර ගණනාවක් නඩු ගෙනයාමට සිදුවිය හැකි බවට ප්‍රකාශ කරමින් දෙමාපියන් බිය වද්දවා ඇති බවත් වැඩිදුර තොරතුරු වාර්තා වේ.

තවද සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදු කළ යුතු අතර මේ සම්බන්ධයෙන් වන තොරතුරු පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවත් මෙයට විරෝධය පළකරමින් පාසල ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් අගතියට පත් දරුවන්ට ආරක්ෂාව රැකවරණය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මෙවැනි ක්‍රියාවක නිරත වූ පාපතරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් කිසිදු බලපෑමකට යටත් නොවී කරුණු සොයා බලා කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයාඅවධාරණය කළේය.

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මීට ප්‍රතිචාර දක්වමින්ප්‍රකාශ කළේ මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බවයි. ඒ පිළිබඳව දැනටමත් අදාල අංශ විසින් අවධානය යොමු කර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙවැනි සිදුවීම් සුළුවෙන් තකන්නේ නොමැති බවත් ආයතන සහ අමාත්‍යාංශ කිහිපයක්ම මේ ගැන දැඩි අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. මෙවැනි සිද්ධි ජනමාධ්‍යයෙන් වාර්තා කිරීමේදී වින්දිතයින්ට අගතියක් නොවන ආකාරයට වාර්තා කරන ලෙස තමා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා වැරදුරටත් ප්‍රකාශ කළා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත