අද ශ්‍රීලනිප නව සන්ධාන මංගල ජන රැළිය ඇරඹේ...
අද (08) දින පස්වරු 2.00 ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලැබූ මංගල ජන රැළිය යුතුව ඇරඹිණි.
එමෙන් ම, නව සන්ධාන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග පැවති මංගල ජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 ක් සහභාගි වී සිටියහ. මෙවර තේමාව වුයේ, "එක්ව පෙරට - දිනුම රටට" යන්නයි.
ඒ යටතේ විශල ජනතා සහභාගිත්වයකින් යුතුව අම්බලන්තොට ජන රැළිය ආරම්භ වූ අතර, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් එය සංවිධානය කර තිබුණි.
ඉදිරියේ දී මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකින් යුතු පුූළුල් සන්ධානයක් ගොඩනගන බව ද සන්ධාන නයකයෝ ප්‍රකාශ කර සිටියහ .
මෙම ජන රැළියට මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජෝන් සෙනවිරත්න,දුමින්ද දිසානායක,සූරේන් රාඝවන්, උදයකාන්ත ගුණතිලක, නිමල් සිරිපාල ද සිල්වා,සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා,ජගත් පුෂ්පකුමාර, සුදත් මංජුල, නිමල් ලාන්සා, චාමර සම්පත් දසනායක, ප්‍රියංකර ජයරත්න, ජගත් ප්‍රියංකර, එස්.එස්. මුසාරෆ්, අලි සබ්‍රි රහීම්, නිමල් පියතිස්ස යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියහ.
තව ද, පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.
